මේ වන විට විටමින් වර්ග 13ක් සොයාගෙන ඇති අතර පළමු විටමිනය සොයා ගන්නා ලද්දේ
1833දීය. නාවිකයන්ට ඇති වූ බෙරි බෙරි හෙවත් බැරි බැරි නැමැති ස්නායු ආභාදයට හෙතුව විසබීජ නිසා නොව සහල් පෑහීම නිසා එහි ඇති කුරුට්ටෙ අඩංගු තයමින්(Thayamin) නැමැති ද්‍රව්‍ය නොලැබී යාම නිසා බව ඉන්දුනීසියාවේ දී ඕලන්ද ජාතික වෛද්‍යවරයකු විසින් සොයා ගන්නා ලදී. පසුව පෝලන්ත ජාතික වෛද්‍ය ෆන්ත්(fanth) විසින් විටමින් නැමැති නම වෛද්‍ය විද්‍යාවට ඇතුළු කොට බෙරි බෙරි පමනක් නොව රිකට්ස්( විටමින් D ඌනතාවය) වැනි රෝග ඇති වන්නේ ද විටමින් නිසා බව ප්‍රකාශ කලේය.
විටමින් වර්ග මේදයේ දියවන(fat soluble) හා ජලයේ දියවන (water soluble) ලෙස වර්ග කීහිපයකට බෙදා හදුනා ගත හැකි වේ. මේදයේ දියවන විටමින් ලෙස A,D,E,K හා ජලයෙ දියවන විටමින් ලෙස B හා C යන විටමින් වර්ගද හදුනා ගත හැඉ වේ.
විටමින් A (Vitamin A)
මේදයෙ පමනක් දියවන මෙම සංයෝගය රසායනික වශයෙන් සමානාත්මතාවක් දක්වන සංයෝග කිහිපයක එකතුවකි. විටමින් A ඇස්වල පෙනීමෙ ක්රියවලියට බලපාන නිසා ඇස් පෙනීමෙදි විටමින් නිරන්තරයෙන් වැයවන නිසා නිතරම ශරීරයට විටමින් A ලබා ගත යුතු වේ. විටමින් A අඩු වූ විට අදුරෙදී ඇස් නොපෙනීම හෙවත් තමස් අන්ධතාව ඇති වේ.කදුලු ග්රන්ථිවලින් නිපදවීම අඩු වී ඇසිපිය ඇතුල් පැත්තේ මෙන්ම ඇස්වල මතුපිට සිවියෙහි සුමුදු බව නැති වී ගොස් බිටෝලය(bitolaya) හා සිරෝස්තැල්මියා (sirosthalmiya) හෙවත් ඇස් වණ වීම සිදු වේ. එසේම valve මනා තත්වයේ පවත්වාගැනීමට, ප්‍රජනන සරු බව පවත්වාගැනීමට ද උපකාරී වේ.
විටමින් D(vitamin D)
මේදයේ පමනක් දියවන විටමින් D හී රස්සයනික නාමය ක්ලැසිෆෙරොල්ස් නම් වේ. විටමින් D තැනීමට දායක වන සංයෝග සම යට ඇති විට හිරු එළියට නිරාවරණය වීමෙ දී විටමින් D නිපද වේ. කැල්සියම් හා පොස්පරස් පරිවෘත්තිය ක්‍රියා පාලනය මෙහි ප්‍රදාන කාර්ය වේ. විටමින් D ඌනතාවය නිසා අස්ථි දුර්වල වීම සිදු වේ. වැඩෙන වයසේ ළමුන්ට අව්ශය තරම් විටමින් D නොලැබුනොත් රිකට්ස් නැමැති කකුල් බකල් වීමෙ හෙවත් දනහිස් ගැටීමෙ රෝගය ඇති වේ. සත්ව හා මත්ස්‍ය අක්මා තෙල්, බිත්තර සුදු මදය, මේදය සහිත මාලු, කිරි හා බටර් වැනි ආහාරවල විටමින් D අඩංගු වේ.
විටමින් E (vitamin E)
ටොකෝෆිරෝල් මෙහි රසායනික නාමය වේ. මේදයේ පමනක් දියවේ.ශෛලවල ඇති ජීව අනුවල් වෙනස් වීම ඇති කරනු ලබන අණුක ඔක්සිජන්වල ක්‍රියාකාරිත්වය විටමින් E මගින් අඩු කරන නිසා සම රැළි වැටීම හා මහලු වීමේ සීග්‍රතාව අඩු කරයි. ශරීරයට ඇතුල්වන බැර ලෝහ වර්ගවල අයන නිසා ධමනිවලට සිදුවන හානි වැලක්වීමට ද මෙය උපකාරී වේ. එසේම හෘද රෝගීන්ට ද ගුනදායක වේ. රටකජු, කව්පි, මුං වැනි කළල වර්ධනය වන ධාන්‍ය, කොල පැහැති එළවළු, පලා, කොළ වර්ගවල බහුලව විටමින් E දක්නට ලැබේ.
විටමින් K (vitamin K)
ක්විනෝන් කාණ්ඩයට අයත් රසායනික සංයෝග මේ යටතට ගැනේ. මේදයේ පමනක් දිය වේ. ලේ කැටි ගැසීමට දායක වන ප්‍රෝටීන වර්ග අක්මාව තුළ නිපදවීම සදහා විටමින් K අත්‍යාවශ්‍ය වේ.අක්මාවෙ ගබඩා වී ඇති බොහෝ බැක්ටීරියාවන් විටමින් K සාදන බැවින් මුහුම්කරණයට ලක් කොට පිපෙන්නට හැර තනා ගන්නා ආහාරවල මේ විටමිනය ඇත. මාමයිට්, යෝගට්, ගෝවා, ධාන්‍ය, පළතුරු හා මස් වර්ගවල ද දක්නට ලැබේ.බඩවැලේ සිටින බැක්ටීරියාවන් විටමින් K සාදන බැවින් නිතර ප්‍රතිජීවක ගන්නා අයගේ බඩවැල් තුල විටමින් K ක්‍රියාවලිය අඩපන වේ.
විටමින් ශක්තිජනක පෝෂකයක් නොවුනද සිරුර නඩත්තු කිරීම සදහා ඉතාම වැදගත් පෝෂකයකි. මෙම ලිපිය මගින් මේදයේ දියවන විටමින් වර්ග වන විටමින් A,D,E,K යන පෝෂණ සංගටක ගැන පැහැදිලි කිරීමක සිදු කරන අතර ඉදිරි ලිපියක් මගින් ජලයෙ දියවන විටමින් වන B හා C යන විටමින් වර්ග ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
Comments
Post a Comment