ජලයේ දියවන විටමින් ( water soluble vitamins )
කැලරි (Calories) ?
කැලරි මගින් ශරීරය ක්‍රියා කරවීමට අවශ්‍ය ශක්තිය සපයනු ලැබේ. ශරීරය මගින් ප්‍රධාන පෝෂණ සංගටක වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන හා මේදය යන සියල්ල ශක්තිය නිෂ්පාදන කාර්යට යෝදා ගනු ලැබේ. ඒ වගේම ඇල්කොහොල් මගින් ද කැලරි නිපදවනු ලැබේ.
සාම්ප්‍රදායික ස්වායු දරාගැනීමේ (aerobic endurance) ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයෙකු පෝෂණ සැලසුමෙන් (diet plan) 60% - 70%ක් පමන කාබෝහයිඩ්‍රේට් ද, 10% - 15% ක් ප්‍රෝටීන ද, 15% - 25% ක් මේදය මගින් ද තම කැලරි අවශ්‍යතාව සපයාගනු ලැබේ.
ප්‍රෝටීන හා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1කින් ශක්තිය කැලරි 04ක් ද මේදය මගින් ශක්තිය කැලරි 09ක් හා ඇල්කොහොල් මගින් ශක්තිය කැලරි 07ක් ද වශයෙන් සපයනු ලැබේ.
මෙවැනි කැලරි අඩංගු ආහාර ශරීරයට ලබා ගත් සැනින්ම එහි අඩංගු කැලරි ශක්තිය ලෙස භාවිතා නොකරන අතර ඒවා ග්ලය්කෝජන් හෝ මේදය බවට පත් කොට ශරීරයේ තැන්පත් කරනු ලැබේ. සාමාන්‍යයෙන් කැලරි 2000ක් පමණ දක්වා ග්ලය්කෝජන් වශයෙන් තැන්පත් කරන අතර ඉතිරි කැලරි වලින් කැලරි 50000ක් පමන මේදය වශයෙන් තැන්පත් කරනු ලැබේ.
Comments
Post a Comment