ජලයේ දියවන විටමින් ( water soluble vitamins )

Image
විටමින් පිළිබඳ ඔබට ගෙනා පලමු ලිපිය මගින් විටමින් පිළිබඳ සාරාංශගත කරන ලද ඉතිහාසය හා මේදයේ දියවන විටමින් පිළිබඳ ඔබව දැනුවත් කරන ලදී. ඔබ තවමත් එය කිය වුයෙ නැතිනම් පහත ලින්ක් එකෙන් ගිහින් කිය්වන්න. https://usfittness.blogspot.com/2020/12/vitamin.html මෙම ලිපිය මගින් කලින් ලිපියේම දිගුවක් ලෙස ජලයේ දියවන විටමින් ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙ. ජලයේ පමනක් දියවන විටමින් ලෙස විටමින් B හා C හදුනාගත හැකි වේ. විටමින් B(vitamin B) විටමින් B ඛාන්ඩයට අයත් විටමින් වර්ග 8ක් හා එයට අනුබද්ධ රසායනික සංයෝග කිහිපයක් හදුනා ගත හැකි වේ. ජලයේ පමනක් දියවන මෙම විටමින් වර්ගය අඩු වු විට උදාසීන ස්වරූපයක් පෙන්වන අතර අධික මහන්සි ගතියක් දැනේ. අධික ලෙස නිවුඩු හාල් සේදීමෙදී ඒවා ජලයේ දිය වී යාමේ අවදානමක් දක්නට ලැබේ. පරිප්පු, කවුපි, මුංඇට වැනි ඇට වර්ගවල විටමින් B දක්නට ලැබේ. විටමින් B1- තයමින් (Thiamine) කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියට සහය වන මෙම විටමිනය දිනකට අවශ්‍ය කරන ප්‍රමාණය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. බෙරි බෙරි රෝගයට හේතුව වන්නෙද විටමින් B1ඌනතාවයයි. විටමින් B1වෙනත් එන්සයිම සමග එක් වී ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා ...

මධ්‍යසාර Alcohol



පිරිසුදු මධ්‍යසාර මගින් ශක්තිය කැලරි 7ක් නිෂ්පාදනය කරනු ලැබේ. බියර් අවුන්ස 12ක, වයින් අවුන්ස 05ක වගේම 80%ක් ස්ප්‍රිතු සහිත මධ්‍යසාර අවුන්ස 1.5කින් ද ශක්තිය කැලරි 100 ක් සපයනු ලැබේ. මෙහි මධ්‍යසාරවලට අමතරව කාබෝහයිඩ්‍රේට් ද අඩංගු වී තිබේ.
සමහර ස්ප්‍රිතුවල මේදය ද අන්තර්ගත වී තිබේ. උදාහරණයක් වශයෙන් Bailey's irish cream අවුන්ස එකක් මගින් මේදය කැලරි 40ක් සපයනු ලැබේ.
සාමාන්‍ය ආහාර වේල තුලින් ලැබෙන මධ්‍යසාරවලට අමතරව යම් පුද්ගලයෙකු විසින් මධ්‍යසාර පානය කිරීමට හුරු වුවහොත් අධික තරබාරු(obesity) තත්වයට පත් විය හැක. නමුත් යම් පුද්ගලයෙකු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කොට මධ්‍යසාර පානයට හුරු වුවහොත් ඔහුගේ බර ඉතාම කෙටි කාලයකදී අඩු (underweight) වීමට ලක් වේ.
සාමාන්‍යයෙන් බර අඩු කිරීමේ ආහාර සැලසුම් ( weight loss diet plan ) මගින් මධ්‍යසාර පානය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම මධ්‍යසාර මගින් ශක්තිය කැලරි 07ක් සැපයුවද මෙය ශුන්‍ය කැලරි ආහාරයක් ලෙස හදුන්වයි.  මෙයට හේතුව මෙහි ප්‍රෝටීන, විටමින් හා කණිජ-ලවණ අන්තර්ගත නොවීමයි. මේ නිසා මධ්‍යසාර මගින් ශරීර බර අසාමාන්‍ය ලෙස අඩු කරන අතර මේ සදා ඇබ්බැහි වීමක් කරනු ලැබේ. කුඩා අන්ත්‍රය හරා මෙම මධ්‍යසාර ගමන් කිරීමේදී එහි අඩංගු විටමින් උරා ගනු ලැබේ.  
කෙසේ වෙතත් යම් පාලනයක් සහිතව මධ්‍යසාර ලබා ගැනීම මගින් හෘදය ආශ්‍රිත රෝග වැලදීමේ අවධානම අඩු බව පර්‍යේෂකයින් මගින් පෙන්වා දී තිබේ. නමුත් ජීවිතය පසු කාලයේදී ඇතිවිය හැකි අවධානම් සහිත තත්වය හා ක්‍රීඩා දක්ශතා අඩු වීම හේතුවෙන් මද්‍යසාරය භාවිතය නුසුදුසු බව පර්‍යේෂකයින් පෙන්වා දී තිබේ. එසේම  ඔවුන් පවසන් ආකරයට මධ්‍යසාර මගින් කැලරි 07ක් නිෂ්පාදනය කලද එයට ශරීරයට භාවිතා කල හැකි ලෙස ශක්තිය නිපදවිය නොහැකි බවත් එය ශක්තිය නිෂ්පාදකයක් ලෙස භාවිතා නොකල යුතු බවත්ය.





මේ සියලු කරුනු අනුව ඔබ තීරනය කරන්න ඔබ මද්‍යසාර භාවිතය සිදු කරනවාද නැද්ද යන්න. මන්දයත් ඔබේ ජීවතයේ හා ක්‍රීඩා දක්ශතාවල වගකීම ඇත්තෙ ඔබට පමනක්ම නිසා.

Comments

Popular posts from this blog

ශරීරයේ තැන්පත් වී ඇති මේද ප්‍රමාණය සොයා ගන්නෙ කෙසේද?(How to measure fat presentage in body ?)

කැලරි (Calories)