ජලයේ දියවන විටමින් ( water soluble vitamins )
පුහුණුවීම් නැතහොත් training කියන්නෙ ඉතාමත් සංවිධානාත්මක ලෙස සැලසුම් කල පුහුණු සැසියක් වන අතර පුහුණු භාරය (workload) ක්‍රමානුකූලව වැඩි කිරීම තුලින් අදාල කාර්ය සදහා කායික හා මානසිකව අනුවර්තනය කිරීමයි. පුහුණුවීම් සිදු කරන පරිසරයට හා පුහුණු භාරයට අනුවර්තනය විය හැකි ක්‍රීඩකයන් ඉතා ඉහල දක්ශතා අතරට පැමිනේ.
අනුවර්තනය වීම ක්‍රීඩකයන්ට, සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් ම සත්වයින්ට ද පොදු දෙයකි. සෑම අයෙකුම තමා ජීවත්වන පරිසරයට අනුවර්තනය විය යුතු වේ.එසේ නොවුනහොත් ඔවුන් විනාශ වීම සිදු විය හැක. ක්‍රීඩකයන් වශයෙන් ද තමන් සිදු කරන පුහුණුවීම් වලට හා එහි සිදු කරන වෙනස් වීම් සදහා ඉතා ඉක්මනින් අනුවර්තනය නොවුනහොත් ඔවුන් ඉක්මනින් වෙහෙසට පත් වීම (fatigue), දක්ශතා අඩුවීම හෝ ඇතැම් විට ආභාධවලට ලක් වීමද සිදු විය හැක. මේ කාරනා නිසා බොහෝ විට ක්‍රීඩකයන්ට ඔවුන්ගෙ උපරිම දක්ශතා හා අරමුණු කරා ලගා වීමට නොහැකි වී තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ ඉහල දක්ශතා දක්වන ක්‍රීඩකයන්ගේ දක්ශතාවලට ප්‍රධාන ම හේතුව වන්නේ විධිමත්, සැලසුම් කරනලද, දීර්ඝකාලීන අභියෝගාත්මක පුහුණුවීම් හා එයට දක්වන ඉක්මන් අනුවර්තනය වීමයි. වැඩිවන පුහුණු භාරය සදහා දක්වන අනුවර්තනය වීම වැඩිවන තරමට ඔවුන්ගෙ දක්ශතා ද වැඩි වේ. යම් හෙයකින් යම් ක්‍රීඩකයෙකු දීර්ඝකාලීන ව එකම පුහුණු භාරයක් යටතේම පුහුණුවීම් කලහොත් මුල් කාලීනව දක්ශතා වර්ධනය වුවද පසුව දක්ශතා වර්ධනය වීම සිදු නොවේ. මේ නිසා පුහුණු භාරය ක්‍රමානුකූලව වර්ධනය කල යුතු වේ. ඒ වගේම අනවශ්‍යය ලෙස පුහුණු භාරය වැඩි කිරීම ද දක්ශතා අඩු වීමට බලපානු ලැබේ.
Comments
Post a Comment